ශ්‍රී ලංකාවේ පිහිටීම සහ භූමි ප්‍රමාණය
ශ්‍රී ලංකාව වටා ඇති සාගරය
එය ඉන්දියන් සාගරය නම් වේ.ශ්‍රී ලංකාව එහි පිහිටි දූපතකි.
ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට ආසන්නයේම පිහිටි තවත් කුඩා දූපත් කිහිපයක්
අන්දමන් දූපත , මාලදිවයින ,නිකොබාර් දූපත් එයින් සමහරකි.
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවත්නා සමුද්‍ර සන්ධිය
එය "පෝක් සමුද්‍ර සන්ධිය" යන නමින් හැඳින්වේ.ඒ හරහා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඇති දුර කිලෝ මීටර් 32 ක් පමණ වේ.
මහද්වීප තටකය
ශ්‍රී ලංකාව වටා බඹ 36ක් (පමීටර් 65.5) පමණ සම ගැඹුරු රේඛාවෙන් මායිම් වන මුහුදු තීරය ශ්‍රී ලංකාවේ මහද්වීප තටකය ලෙස සැළකේ. මෙය ශ්‍රී ලංකාව වටා කිලෝ මීටර් 8 සිට 40 පමණ තෙක් පැතිරේ.
ශ්‍රී ලංකාවේ දිග
ශ්‍රී ලංකාවේ දිග කිලෝ මීටර් 432 ක් පමණ වේ. මෙය උතුරු කෙළවරේ පේදුරු තුඩුවේ සිට දකුණු කෙළවරේ දෙවුන්දර තුඩුව දක්වා වන දළ දුර ප්‍රමාණයයි.
ශ්‍රී ලංකාවේ පළල
ශ්‍රී ලංකාවේ පළල කිලෝ මීටර් 224 ක් පමණ වේ.මෙය බටහිර දෙසින් කොළඹ සිට නැගෙනහිර දෙසින් සංගමන් කන්ද දක්වා වන දළ දුර ප්‍රමාණයයි.
දිවයින වටා පිහිටි වෙරළ තීරයේ මුළු දිග
කිලෝ මීටර් 1700 ක් පමණ වේ.
මුළු භූමි ප්‍රමාණය
ජලාශ සමඟ ශ්‍රී ලංකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග සැතපුම් වලින් වර්ග සැතපුම් 25332 කි.
ශ්‍රී ලංකාවේ අයිති මුහුදු ප්‍රදේශය
එක්සත් ජාතීන්ගේ සාගර සම්මුතියට අනුව 1994 සිට නාවික සැතපුම් 200 ක (කි.මී370) මුහුදු ප්‍රදේශයක් ශ්‍රී ලංකාවට අයත් වේ. මෙම මුහුදු පෙදෙසෙහි වර්ග ප්‍රමාණය කි.මී 4574000 ක් පමණ වේ.
Subscribe to:
Post Comments (Atom)
මල් මල් මල්
මල් මල් මල් කුරු ගස් වැවීමේ කලාව බොන්සායි හොඳින් සාත්තු කළ ඇන්තූරියම් ගසකින් වසරකට ලබ...
-
ශ්‍රී ලංකාවේ පිහිටීම සහ භූමි ප්‍රමාණය ශ්‍රී ලංකාව වටා ඇති සාගරය එය ඉන්දියන් සාගරය නම් වේ.ශ්‍රී ලංකාව එහි පිහිටි දූපතකි. ඉන්දියන් සාග...
-
ශ්‍රී ලංකාවේ පළාත් අගනුවර හා දිස්ත්‍රික්ක පළාත අගනුවර දිස්ත්‍රික්ක උතුරු පළාත ...

No comments:
Post a Comment