දැනුම යනු තම අවට ලෝකය පිළිබඳව මිනිසා සතුව ඇති අවබෝධයයි.යම්දෙයක් යම් කෙනෙක් පිළිබඳව අධ්‍යාපනය හා අත්දැකීම් තුළින් අවබෝධ කරගැනීම , සොයාගැනීම,
ඉගෙනීම දැනුම වේ. අප අවට ලෝකය පිළිබඳව මිනිසා සතුව ඇති අවබෝධය දැනුම ලෙස අර්ථකථනය කළ හැක.දැනුමේ ආකාර කිහිපයකි.එනම්,
කරුණු,තොරතුරු ,විස්තර හා නිපුණතා වේ.
යම් විෂයක් පිළිබඳ න්‍යායාත්මක හෝ ප්‍රායෝගික අවබෝධයක් දැනුම තුළින් ලබා ගත හැක. අප කුමන විෂය ක්ෂේත්රයක් පිළිබඳව අධ්‍යයනය කළ ද ඒ තුළ ඇති න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුම වැදගත් ය.
කිසිවෙකුටත් සොරා ගත නොහැකි එකම දෙය නම් උගත්කමයි. උගත්කමට බලපානු ලබන්නේ දැනුමයි. අපට පොත පතේ දැනුම මෙන්ම ලෝකයේ අප අවට පරිසරය සමාජය පිළිබඳ පුළුල් දැනුමක් තිබිය යුතුය. එමගින් ජීවිතයට ද බොහෝ පාඩම් ඉගෙන ගත හැක.
දැනුම ලෝකය තේරුම් ගැනීමට මෙන්ම ලෝකය වෙනස් කිරීමට ද යොදා හැක. විශේෂයෙන් පුද්ගලයෙකු සතුව ඇති සාමාන්‍ය දැනුම ඉතා වැදගත් වේ. අප රටේ ,ලෝකයේ තොරතුරු ,විශේෂ කරුණු පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය. ඕනෑම දෙයක් පිළිබඳව දළ අදහසක් හෝ තමන් තුළ තිබේ නම් කුමන ක්ෂේත්රයක් තුළදී ගැටලුවක් ආව ද එයින් යම් පමණකට හෝ මිදීමට එමඟින් හැකියාව ලැබේ.
මෙම බ්ලොග් අඩවිය තුළින් ශ්‍රී ලංකාවේ ,ලෝකයේ ඇති සුවිශේෂී වැදගත්කමක් දරන කරුණු පිළිබඳව නිරන්තරයෙන් ම ඔබ දැනුවත් කරනු ලබයි. ඒ තුළින් ඔබට යම් දැනුම් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරනු ලබයි.
තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එසැඬ මනාවත් වතුරෙන් වල නොහෙනා
කෝපවුනත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා
No comments:
Post a Comment