ශ්‍රී
ලංකාවේ ආර්ථික තොරතුරු
ශ්‍රී
ලංකාවේ ආර්ථික වියුහයේ ප්‍රධාන අංශ
- කෘෂිකාර්මික අංශය.
- කාර්මික අංශය .
- සේවා අංශය .
නිදහසින්
පසු පැවැති එකිනෙකට වෙනස් ආර්ථික ප්‍රතිපත්ති
- 1948- 1959 - නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ කාලය.
- 1960- 1977 - ආර්ථිකය පාලනයට යටත් වූ කාලය .
- 1977 න් පසු - විවෘත ආර්ථිකය.
ශ්‍රී
ලංකාවේ ප්‍රධාන දිළිඳු සහනාධාර ක්‍රම
- 1942 සිට 1979 දක්වා නොමිලේ සහල් සලාකය
- 1979 දී ආහාර මුද්දර ක්‍රමය හඳුන්වා දීම.
- 1989 දී ජන සවිය හඳුන්වා දීම.
- 1994 දී සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කිරීම.
ශ්‍රී
ලංකාවේ උද්ධමනය මැනීමට උපයෝගී කර ගනු ලබන ප්‍රධාන දර්ශක
- කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය .
- මහ කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය .
- තොග අලෙවි මිල දර්ශකය.
- දළ දේශීය නිෂ්පාදනයේ අවධමනකය .
ශ්‍රී
ලංකා මහ බැංකුව
- රටේ භාවිතා කරන කාසි හා නෝට්ටු නිකුත් කිරීමේ පූර්ණ බලධරයා ශ්‍රී ලංකා මහ බැංකුවයි. එමෙන්ම රටේ කාසි හා නෝට්ටු අවලංගු කිරීමේ හා ඒවාට සමාන අලුත් නෝට්ටු හා කාසි නිකුත් කිරීමේ බලය ද හිමිව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවයි.
ශ්‍රී
ලංකාවේ භාවිත මුදල් වර්ගය
- ශ්‍රී ලංකා රුපියල් වේ.
No comments:
Post a Comment