Tuesday, January 30, 2018

ශ්‍රී ලංකාවේ ආර්ථික තොරතුරු

ශ්‍රී ලංකාවේ ආර්ථික තොරතුරු


ශ්‍රී ලංකාවේ ආර්ථික වියුහයේ ප්‍රධාන අංශ
  •  කෘෂිකාර්මික අංශය.  
  •  කාර්මික අංශය .
  •  සේවා අංශය .


නිදහසින් පසු පැවැති එකිනෙකට වෙනස් ආර්ථික ප්‍රතිපත්ති
  •  1948- 1959    -  නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ කාලය.
  •  1960- 1977    -  ආර්ථිකය පාලනයට යටත් වූ කාලය .
  •   1977 න් පසු    -  විවෘත ආර්ථිකය.


ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිළිඳු සහනාධාර ක්‍රම
  • 1942 සිට 1979  දක්වා නොමිලේ සහල් සලාකය
  • 1979 දී ආහාර මුද්දර ක්‍රමය හඳුන්වා දීම.
  • 1989 දී ජන සවිය හඳුන්වා දීම.
  • 1994 දී මෘද්ධි ව්‍යාපාරය ආරම්භ කිරීම.


ශ්‍රී ලංකාවේ උද්ධමනය මැනීමට උපයෝගී කර ගනු ලබන ප්‍රධාන දර්ශක
  • කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය .
  • මහ කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය .
  • තොග අලෙවි මිල දර්ශකය.  
  •  දළ දේශීය නිෂ්පාදනයේ අවධමනකය .


ශ්‍රී ලංකා මහ බැංකුව
  •  රටේ භාවිතා කරන කාසි හා නෝට්ටු නිකුත් කිරීමේ පූර්ණ බලධරයා ශ්‍රී ලංකා මහ බැංකුවයි. එමෙන්ම රටේ කාසි හා නෝට්ටු අවලංගු කිරීමේ හා ඒවාට සමාන අලුත් නෝට්ටු හා කාසි නිකුත් කිරීමේ බලය ද හිමිව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවයි.


ශ්‍රී ලංකාවේ භාවිත මුදල් වර්ගය

  •  ශ්‍රී ලංකා රුපියල් වේ. 

Monday, January 29, 2018

ශ්‍රී ලංකාවට අයිති දූපත්

ශ්‍රී ලංකාවට අයිති දූපත්


උතුරු සහ වයඹ දිග මුහුදු ප්‍රදේශයේ පිහිටි දූපත්
  • ඩෙල්ෆ්ස්
  • කයිට්ස්
  • පුන්කුඩුතිව්
  • පරෙයිතිව්
  • නයිනතිව්
  • කච්චතිව්
  • වේලනෙයි
  • මන්ඩතිව්
  • මන්නාරම් දූව


මඩකලපුව ආසන්නයේ               -           බෆලෝ දූපත

ත්‍රිකුණාමලය ආසන්නයේ              -         වටදූව ,කුඩා සෝබර් දූපත

ත්‍රිකුණාමලය -කෝකිලායි අතර   -           ලොකු සෝබර් දූපත ,පෙරම් දූපත

නිරිත දිග වෙරළාසන්නයේ          -           බේරුවල දූපත ,සීනිගම  දූපත ,ගල්පර දූපත (අම්බලන්ගොඩ),මෙහෙත් දූපත (හික්කඩුව සමුද්‍ර ප්‍රදේශය )

ගිණිකොණ මුහුදු ප්‍රදේශයේ         -           මහා රාවණා කෝට්ටේ (ගේට් බාසස් ),කුඩා රාවණා කෝට්ටේ (ලිට්ල් බාසස්)


ලෝකයේ පිහිටි කාන්තාර

ලෝකයේ පිහිටි කාන්තාර
                                            
  • අරාබි කාන්තාරය (අරාබිය)
  • රූබ්ඇල්කාලි        (අරාබිය)
  • නේෆුඩ්                (අරාබිය)
  •  සිරියානි               (සිරියාව)
  • සහරා                   ලිබියාව (නැගෙනහිර )
  • සහරා                   ලිබියාව (උතුර )
  • ගෝබි                  (මොංගෝලියාව)
  • ග්‍රේට් සැන්ඩ්           (ඕස්ට්‍රේලියාව)
  • ග්‍රේට් වික්ටෝරියා      (ඕස්ට්‍රේලියාව)
  • අරුන්ටා                    ( ඕස්ට්‍රේලියාව)
  • ඕස්ට්‍රේලියානු                (ඕස්ට්‍රේලියාව)
  • ගිබ්සන්                           (ඕස්ට්‍රේලියාව)
  • කලහාරී                          (දකුණු අප්‍රිකාව)
  • තක්ලා මකාන්                 (චීනය)
  • කාරාකුන්                        (සෝවියට් දේශය)
  • පෙස්කි මුයුන් කුම්            (සෝවියට් දේශය)
  • කයිල් කුම්                        (සෝවියට් දේශය)
  • සිරියානු                            (සිරියාව)
  • නුබියන්                            (සුඩානය)
  • ඇරිසෝනා පේන්ටඩ්         (දකුණු ඇමරිකාව)
  • තාර්                                  (ඉන්දියාව)
  • දටකාමා                            (දකුණු ඇමරිකාව විලී)
  • පේරු යෙකුරා                    (දකුණු ඇමරිකාව)                                                                         

Saturday, January 27, 2018

ලෝකයේ සුප්‍රකට දියඇලි

ලෝකයේ සුප්‍රකට දියඇලි

දියඇල්ල පිහිටි රට
දියඇල්ල
උස අඩි
වෙනිසියුලාව
ඒන්ජල්
3700
වෙනිසියුලාව
කුකේනාම්
2000
කැලිෆෝනියව
යෙසෙංමයිටි
2460
කැලිෆෝනියව
අපර්යෝසෙමයිරි
1430
කැලිෆෝනියව
සිල්වර්ට්‍රෑන්ඩ්
1170
කැලිෆෝනියව
රිබන්
1600
ගයානාව
කිංජෝර්ජ්
1210
කැනඩාව
කකාටෝ
1200
කැනඩාව
නයගරා
1315
ආර්ජන්ටිනාව
ඉගුවාෂු
210
නවසීලන්තය
සදර්ලන්ඩ්
1900
ප්‍රංශය
ගැවර්නි
1380
නෝර්වේ
කයිල්
1800
නොර්වේ
සාලුගෙදුල්
1300
ස්විස්ටර්ලන්තය
රයිවන්ඛාක්
1800
ස්විස්ටර්ලන්තය
ග්‍රීස්ඛාක්
1150
ඕස්ට්‍රේලියාව
වොලුමොම්බි
1760
ඕස්ට්‍රේලියාව
ක්‍රිමිල්
1250
කාම්බෝජය
බොන්කැටරැක්
70
කාම්බෝජය
ගුවයිරා
150
රොඩේසියාව
වික්ටෝරියා
350
බ්‍රසීලය
ඉගුවාංසු
210
ඉන්දියාව
කාවේරි
320
ඉන්දියාව
ජේර්සොප්පා
829
දකුණු අප්‍රිකාව
ටුගේලා
2800

ශ්‍රී ලංකාවේ රක්ෂිත වනෝද්‍යාන


ශ්‍රී ලංකාවේ රක්ෂිත වනෝද්‍යාන

යාල වනෝද්‍යානය
            කොළඹ සිට කිලෝමීටර 309 ක් දකුණින් පිහිටා ඇත. විශාලත්වය වර්ග කිලෝමීටර 1259ක් පමණ වේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානය
            කොළඹ සිට කිලෝමීටරා 176 ක් උතුරින් පිහිටා  ඇත. විශාලත්වය වර්ග කිලෝමීටර 1908 ක් පමණ වේ.

ගල්ඔය ජාතික වනෝද්‍යානය
            කොළඹ සිට කිලෝමීටර314ක් දුරින් ඉඟිනියාගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

උඩවලවේ ජාතික වනෝද්‍යානය
            කොළඹ සිට කිලෝමීටර 170ක් ගිණිකොණ දෙසින් පිහිටා ඇත. මෙහි විශාලත්වය හෙක්ටයාර 30821 ක් වේ.

වස්ගමුව ජාතික වනෝද්‍යානය
            කොළඹ සිට කිලෝමීටර 200ක් දුරින් පිහිටා ඇත. මෙය පොළොන්නරුව සහ මාතලේ හරහා ගලන අඹන් ගඟ සහ මහවැලි යන ගංඟාවන්ගේ නැගෙනහිර සහ බටහිර සීමාව ඔස්සේ විහිදේ .

මාදුරු ඔය ජාතික වනෝද්‍යානය
කොළඹ සිට කිලෝමීටර  300ක් දුරින් පිහිටා ඇත. මෙහි විශාලත්වය හෙක්ටයාර 58849කි.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය
            කඳුකරයෙහි පිහිටි එකම අභය භූමිය වේ. කොළඹ සිට කිලෝමීටර 200ක් දුරින් නුවරඑළිය දිස්ත්‍රික්කයටා වන්නට පිහිටා ඇත .

බූන්දල වනෝද්‍යානය
            කොළඹ සිට කිලෝමීටර 260 ක් දුරින් පිහිටා ඇත. මෙය පක්ෂීන්ට විශේෂිත අභය භූමියක් ලෙස හැඳින් වේ.







Friday, January 12, 2018

මිනිස් සිරුර 1

මිනිස් සිරුර  1


  1. අවුරුද්දක් තුළදී මිනිසෙකු අනුභව කරන ආහාර ප්‍රමාණය තමගේ ශරීර බර මෙන් දහසය ගුණයක ප්‍රමාණයකි. 
  2. සාමාන්‍යයෙන් මිනිසෙකු පැය 24ක් තුළදී ආශ්වාස කරන වායු ගැලුම් ගණන 2000 ක් පමණකි. 
  3. මිනිස් දිවකට හඳුනා ගත හැකි රස වර්ග ගණන හතරකි. එනම් ලුණු රස ,පැණි රස ,තිත්ත රස හා ඇඹුල් රසය. 
  4. දිවේ පිටු පසම පෙදෙසට දැනෙන රස තිත්ත රසය. 
  5. දිවේ දෙපැත්තට වඩාත් දැනෙන රසය ඇඹුල් රසය. 
  6. එකම ගඳහ් හො සුවඳක් බොහෝ වේලා ලැබුවොත් අපට ගඳ හෝ සුවඳ දැනෙන්නේ නැත. 
  7. මිනිසාගෙ ශරීරයේ ජලය ශරීරයේ බරින් තුනෙන් දෙකකි. 
  8. අපගේ හදෘය දිනකදී ස්පන්දනය වන වාර ගණන 103389 වාරයකි. 
  9. මිනිසෙකුගේ ශරීරයේ  ඇති සාමාන්‍ය රුධිර ප්‍රමාණය බොතල් 7 1/2 ක් 9 ක් පමණ ය. 
  10. එම ලේ දිනකදී ගමන් කරන සැතපුම් ගණන 168 කි. 
  11. හෘදයෙන් පිටවන  ලේ නැවත හෘදයට පැමිණීමට ගතවන කාලය විනාඩි  45ක් පමණ ය. 
  12. මොළයේ බර රාත්තල් තුනක් පමණ වේ. 
  13. මොළයේ ඇති සෛල ගණන 10,000,000,000 ක් පමණ ය. 
  14. අප ගන්නා ආහාරවලින් 1/4 ක් ම වැය වන්නේ මොලයේ කටයුතු සඳහා ය. 
  15. දිනකදී  ආශ්වාස කරන වාර ගණන සාමන්‍යයෙන් 23040 වාරයකි. 
  16. දිනකදී ආශ්වාස කර පිටකරනලබන වාත ප්‍රමාණය සාමාන්‍යයෙන් ඝන අඩි 428 ක් පමණ ය.  
  17. සාමාන්‍යයෙන් දිනකදී කෙනෙකු ගන්නා ආහාර ප්‍රමාණය රාත්තල් 3 1/2 කි. 
  18. ශරීරයේ තිබෙන දිගින් වැඩි ම අවයවය අන්ත්‍ර ය. 
  19. දිනකදී කතා කරන වචන ගණන 4800 ක් පමණ ය. 
  20. ශරීරයේ තද ම ද්‍රව්‍යය වන්නේ දත් ය. 
  21. මීනිසෙකුගේ සමේ ප්‍රමාණය වර්ග අඩි 20ක් පමණ ය. 
  22. මිනිසෙකුගේ සමේ සම්පූර්ණ බර රාත්තල් 7-10 ක් පමණ ය. 
  23. මිනිසෙකුගේ හිසේ ඇති හිසකෙස් ගණන 100000 ක් පමණ ය. 
  24. නිය දවසකදී දික්වන මුළු ප්‍රමාණය අඟල් 0.000046 ක් පමණ ය. 
  25. ඇසිපිය වරක් ගැසීමට ගතවන කාලය තත්පරයෙන් විස්සෙන් එකක කාලයකි. 


Thursday, January 11, 2018

සිනේ රූ

සිනේ රූ 


  • ඉන්දියාවේ ප්‍රථම චිත්‍රපටය "රාජා හරිස්චන්ද්‍ර" ය. 
  • ඉන්දියාවේ ප්‍රථම චිත්‍රපටය පළමු වරට තිරගත වූයේ  1913 .05 .13
  • ඉන්දියාවේ ප්‍රථම චිත්‍රපටියේ  නිෂ්පාදකයා ඩඩාසහෙබ් පල්කේ ය.
  • ඉන්දියාවේ විදේශ රටක  තිරගත වූ ප්‍රථම චිත්‍රපටය "රාජා හරිස්චන්ද්‍ර" ය. 
  • ලොකයේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂකවරිය ඉන්දියාවේ බෙගම් පතිමා සුල්තානා ය. 
  • ඉන්දියාවේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරයා පෙරාස් ෂා මිසත්‍රි ය. 
  • ඉන්දියාවේ ප්‍රථම චිත්‍රපට ගායකයා වන්නේ ඩ්බ් .එම් .ඛාන් ය. 
  • එකම නළුවෙකු යොදාගෙන ඉන්දියාවේ නිපද වූ එකම චිත්‍රපටය "යාදින්" ය. එකම නළුවා එහි නිෂ්පාදකයාම ය. නිෂ්පාදකයා සුනිල් දත් ය. 
  • සිනමාවේ පියා ඩේවිඩ් වෝක් ග්‍රිෆිත් ය. 
  • ලෝකයේ ප්‍රථම විශාලම චිත්‍රපට ලේඛනාගාරය ඇත්තේ ඇමරිකාවේ හොලිවුඩ්වල ය. 
  • ලොව ප්‍රථම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය "trip to the moon" ය.
  • ඔස්කා සම්මාන චිත්‍රපට සඳහා පිරිනමන සංවිධානය ඇමරිකානු චලන චිත්‍රපට කලා සහ විද්‍යා ඇකඩමිය ය. 
  • ඉංග්‍රීසි චිත්‍රපටයක රඟපෑ ප්‍රථම සිංහල නළුවා ලැඩී රණසිංහ ය. 
  • අන්තර් ජාතික චිත්‍රපට උළෙලක් සඳහා ඉදිරිපත් කළ මෙරට ප්‍රථම චිත්‍රපටය "රේඛාව "ය. 
  • රජත මයුර සම්මානය විදේශයක දී දිනූ ප්‍රථම සිංහල චිත්‍රපටය රේඛාව ය. 
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා චිත්‍රපටය ටයිටස් තොටවත්තයන් විසින්  අධ්‍යක්ෂණය කළ "හඳයා" චිත්‍රපටය ය. 
  • මෙරට ප්‍රථම සිනමාරූපී චිත්‍රපටය "රේඛාව " චිත්‍රපටය වේ. 
  • මෙරට ප්‍රථම වරට පාසැල් ශිෂ්‍යයන් පිරිසක් විසින් සකසන ලද වෘත්තාන්ත චිත්‍රපටය "නිම් වළල්ල" චිත්‍රපටයයි.  

Monday, January 8, 2018

ශ්‍රී ලංකාවේ පිහිටීම සහ භූමි ප්‍රමාණය

ශ්‍රී ලංකාවේ පිහිටීම සහ භූමි ප්‍රමාණය 

ශ්‍රී ලංකාව වටා ඇති සාගරය 

එය ඉන්දියන් සාගරය නම් වේ.ශ්‍රී ලංකාව එහි පිහිටි දූපතකි.

ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට ආසන්නයේම පිහිටි තවත් කුඩා දූපත් කිහිපයක් 

අන්දමන් දූපත , මාලදිවයින ,නිකොබාර් දූපත් එයින් සමහරකි.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත්  අතර පවත්නා සමුද්‍ර සන්ධිය   

එය "පෝක් සමුද්‍ර සන්ධිය" යන නමින් හැඳින්වේ.ඒ හරහා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඇති දුර කිලෝ මීටර් 32 ක් පමණ වේ.

මහද්වීප තටකය 

ශ්‍රී ලංකාව වටා බඹ 36ක් (පමීටර් 65.5)  පමණ සම ගැඹුරු රේඛාවෙන් මායිම් වන මුහුදු තීරය ශ්‍රී ලංකාවේ මහද්වීප තටකය ලෙස සැළකේ. මෙය ශ්‍රී ලංකාව වටා කිලෝ මීටර් 8 සිට 40 පමණ තෙක් පැතිරේ.

ශ්‍රී ලංකාවේ දිග 

ශ්‍රී ලංකාවේ දිග කිලෝ මීටර් 432 ක් පමණ වේ. මෙය උතුරු කෙළවරේ පේදුරු තුඩුවේ සිට දකුණු කෙළවරේ දෙවුන්දර තුඩුව දක්වා වන දළ දුර ප්‍රමාණයයි.

ශ්‍රී ලංකාවේ පළල 

ශ්‍රී ලංකාවේ පළල කිලෝ මීටර් 224 ක් පමණ වේ.මෙය බටහිර දෙසින් කොළඹ සිට නැගෙනහිර දෙසින් සංගමන් කන්ද දක්වා වන දළ දුර ප්‍රමාණයයි.

දිවයින වටා පිහිටි වෙරළ තීරයේ මුළු දිග 

කිලෝ මීටර් 1700 ක් පමණ වේ.

මුළු භූමි ප්‍රමාණය 

ජලාශ සමඟ ශ්‍රී ලංකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග සැතපුම් වලින් වර්ග සැතපුම් 25332 කි.

ශ්‍රී ලංකාවේ අයිති මුහුදු ප්‍රදේශය 

එක්සත් ජාතීන්ගේ සාගර සම්මුතියට අනුව 1994 සිට නාවික සැතපුම් 200 ක (කි.මී370) මුහුදු ප්‍රදේශයක් ශ්‍රී ලංකාවට අයත් වේ. මෙම මුහුදු පෙදෙසෙහි  වර්ග ප්‍රමාණය කි.මී 4574000 ක් පමණ වේ.



Friday, January 5, 2018

ශ්‍රී ලංකාවේ පළාත් අගනුවර හා දිස්ත්‍රික්ක



ශ්‍රී ලංකාවේ පළාත් අගනුවර හා දිස්ත්‍රික්ක


 පළාත 
 අගනුවර 
 දිස්ත්‍රික්ක 
  •  උතුරු පළාත 

  •  යාපනය 

  •  යාපනය 
  • මන්නාරම 

  •  උතුරු මැද පළාත 

  •  අනුරාධපුරය

  •  අනුරාධපුරය
  • පොළොන්නරුව 

  •  දකුණු පළාත 

  • ගාල්ල  

  • ගාල්ල 
  • මාතර 
  • හම්බන්තොට  

  •  නැගෙනහිර පළාත 

  •  මඩකලපුව  

  • මඩකලපුව 
  • අම්පාර 
  • ත්‍රිකුණාමලය  

  •  බස්නාහිර පළාත 

  • කොළඹ 

  • කොළඹ
  • ගම්පහ 
  • කළුතර 

  •  වයඹ පළාත 

  •  කුරුණෑගල

  • කුරුණෑගල
  • පුත්තලම
  •  

  •  මධ්‍යම පළාත 

  •  මහනුවර 

  • මහනුවර 
  • මාතලේ 
  • නුවරඑළිය  

  •  සබරගමු පළාත 

  • රත්නපුර  

  • රත්නපුර 
  • කෑගල්ල  

  •  ඌව පළාත 

  • බදුල්ල  

  • බදුල්ල 
  • මොණරාගල  

මල් මල් මල්

මල් මල් මල් කුරු ගස් වැවීමේ කලාව                                        බොන්සායි හොඳින් සාත්තු කළ ඇන්තූරියම් ගසකින් වසරකට ලබ...